පළාත් පාලන ආයතන 336 ක බලය පිහිටුවා අවසන් – පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය

පළාත් පාලන ආයතන 336 බලය මේ වනවිට පිහිටුවා අවසන් කර ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා සඳහන් කළේ, සීතාවක හා ආණමඩුව ප්‍රදේශීය සභාවල ඝණ පූර්ණය නොමැතිවීම හේතුවෙන් සභා පිහිටුවීම කල් දමා ඇති බවයි.

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවිම කල් දමා ඇත්තේ අධිකරණ ක්‍රියාවලියක් හේතුවෙනි.

වැඩිම සංඛ්‍යාවක බලය අත්පත් කර ගෙන ඇත්තේ ජාතික ජනබලවේගයයි.

එම සංඛ්‍යාව 224 කි.

සමගි ජන බලවේගයද පළාත් පාලන ආයතන  36 ක.බලය අත්පත් කර ගෙන තිබේ.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂය පළාත් පාලන ආයතන 33ක බලය අත්පත් කරගෙන ඇති අතර ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසය බලය පිහිටුවා ඇති පළාත් පාලන ආයතන සංඛ්‍යාව 07 කි.

පොදුජන පෙරමුණ පළාත් පාලන ආයතන  6 ක බලය පිහිටුවනු ලැබීය.

ලංකා කම්කරු කොංග්‍රසය බලය පිහිටවූ පලාත් පාලන ආයතන සංඛ්‍යාව 03 කි.

පොදුජන එක්සත් පෙරමුණ හා එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන ආයතන 02 බැගින් බලය අත්පත් කර ගෙන තිබේ.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදි පළාත් පාලන 339 ක් සඳහා සභිකයින් තෝරාපත් කර ගත් අතර පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කළේ, එම පළාත් පාලන ආයතනවල සංවර්ධන කටයුතු කඩිනම් කර ඇති බවයි.

ඒ සඳහා රුපියල් මිලියන 23000ක් වෙන් කර ඇති බවද අමාත්‍යංශය සඳහන් කළේ ය.