කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (28) ප්‍රථම වරට ඒකක 19,500 සීමාව පසු කිරීමට සමත්වුණා.
ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 50.15කින් ඉහළ ගොස්, ඒකක 19,517.86ක් ලෙසින් සටහන් වුණු බවයි සඳහන් වෙන්නේ.
එසේම, S&P SL20 මිල දර්ශකය ඒකක 23.30කින් ඉහළ ගොස්, ඒකක 5,778.34 ක් ලෙසින් සටහන් වුණා.
අද සමස්ත ගණුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 6.16ක් ලෙසයි දැක්වෙන්නේ