තරුණ සේවා සභාව සංවිධානය කරන නවීන තාක්ෂණික වැඩමුළු ත්‍රිත්වයක් අද පැවැත්වෙයි

International Youth Skills දිනය වෙනුවෙන් තරුණ සේවා සභාව සංවිධාන කරන නවීන තාක්ෂණික වැඩමුළු ත්‍රිත්වයක් අද (15) පැවැත්වෙනවා.

ඒ අනුව, අද උදෑසන 9.00 සිට පස්වරු 5.00 දක්වා මහරගම තරුණ සේවා පරිශ්‍රය තුළ මෙම වැඩමුළුව පැවැත්වීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

මේ සඳහා වැඩමුළු ත්‍රිත්වයක් අන්තර්ගත වන අතර, AI තාක්ෂණ වැඩමුලුවක්, ඡායාරූපකරණය සම්බන්ධයෙන් වන වැඩමුළුවක් හා ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් වන වැඩමුළුවක් එහිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම වැඩමුළු සඳහා උනන්දුවක් දක්වන තරුණ තරුණියන්ට ඒ ඒ සඳහා සහභාගි වීමේ හැකියාව පවතින බවයි තරුණ සේවා සභාව වැඩිදුරටත් සඳහන් කළේ. 

 news images news images news images