මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය 403 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව විශේෂ මදුරු මර්දන සතියේ තුන්වැනි දිනය අවසන් වන විට, පරිශ්‍ර 78,721ක් පරික්ෂා කර ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර සඳහන් කළේ.
ඒ අනුව, ඊයේ (02) දිනය තුළ පරිශ්‍ර 30,367 ක් පරීක්ෂා කර ඇති අතර, එහිදී 117 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා.
පසුගිය 30 වැනිදා සිට, දිස්ත්‍රික්ක 16ක් කේන්ද්‍ර කර ගනිමින් විශේෂ මදුරු මර්දන සතියක් ආරම්භ කළ අතර, අද (03) එහි සිව්වන දිනයයි.