මත්ද්‍රව්‍ය සමග තරුණයෙකු අත්අඩංගුවට

මට්ටක්කුලිය, සමිත්පුර ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 77ක් හෙරොයින් ග්‍රෑම් 60ක් හා මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන රුපියල් 508,100.00ක මුදල් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමක දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 21ක් වන කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදු කරයි.