ශ්‍රී ලංකාවට ලකුණු 296ක ඉලක්කයක්

සංචාරක බංග්ලාදේශ – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ අවසන් දිනය වන අද (21) දිනයේ දෙවෙනි ඉනිමට පන්දුවට පහරදීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 296ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඒ පළමු ඉනිමට ලකුණු 10ක් ඉදිරියෙන් සිට දෙවෙනි ඉනිම සඳහා පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුළු 06ක් දැවී ලකුණු 285ක් රැස්කර ඉනිම අත්හිටුවීම හේතුවෙන්.

එහිදී පන්දුවට පහරදුන් බංග්ලාදේශ නායක නජ්මුල් හුසේන් ශන්තෝ ශතකයක් රැස් කළ අතර, ඔහු පළමු ඉනිම සඳහාද ශතකයක් රැස් කරනු ලැබුවා.

ඉනිම අත්හිටුවීමේදී ඔහු නොදැවී ලකුණු 125ක් රැස් කරගෙන සිටි අතර, ඒ සඳහා හතරේ පහර 09ක් සහ හයේ පහර 03ක් ඇතුලත්.