මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (25) රාත්‍රියේ සිට තද සුළං සමග කඩින් කඩ තද වැසි පතිත වීම නිසා ජන ජීවිතයට බාධා රැසක් පැමිණ ඇත.
කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවත් සමග හැටන් නුවරඑලිය, හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේත්, ස්ථාන කිහිපයකත් අතුරු මාර්ග කිහිපයකත් ඝණ මීදුම් තත්වයක් පැවතීම හේතුවෙන් රථවාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇත.
එම මාර්ගවල රථවාහාන ධාවනය කිරිමේදි වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන සෙමින් සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
පවතින දැඩි සුළං තත්වය හේතුවෙන් අධි බලැති විදුලි රැහැන් මතට ගස් සහ ගස් අතු කඩා වැටීම හේතුවෙන් හැටන් ඇතුලු ප්‍රදේශ රැසක විදුලිබලය ඇණහිට ඇත