කටුනායක ඇඟලුම් කම්හලක් වසා දැමීමෙන් සේවකයන් 1,400කට රැකියා අහිමි වෙයි

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි NEXT ඇඟලුම් කර්මාන්ත ශාලාව හදිසියේ වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.

මේ හේතුවෙන් එහි සේවය කළ සේවක සේවිකාවන් 1,400කට වැඩි පිරිසකට රැකියා අහිමි වී ඇති බවයි වාර්තා වෙන්නේ.

මෙහෙයුම් පිරිවැය ක්‍රමයෙන් ඉහළ යාම හා වසර කිහිපයක් තිස්සේ ලාභ නොලැබීම යන කාරණා කර්මාන්ත ශාලාව වසා දැමීමට ප්‍රධාන වශයෙන් හේතු වූ බවයි පාලානාධිකාරිය නිවේදනය කර තිබෙන්නේ.