දිවයින පුරා රෝහල් රැසක දැඩි ඖෂධ හිඟයක් පවතිනවා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

දිවයින පුරා රෝහල් රැසක මේ වනවිට දැඩි ඖෂධ හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව ප්‍රතිජීවක, වේදනා නාශක ඖෂධ හා ඉන්සියුලින්වල දැඩි හිඟයක් පවතින බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ.

ගිය අප්‍රේල් මාසය අවසන් වන විට වෛද්‍ය සැපයුම් අංශය තුළ ඖෂධ වර්ග 180කට ආසන්න ප්‍රමාණයක තොග නොතිබූ බවද, එසේම රෝහල් පද්ධතියේ ඖෂධ 50කට ආසන්න ප්‍රමාණයක තොග නොතිබුණු බවද ඔහු පවසා සිටියා.

තත්ත්වය ඊට වඩා උග්‍ර අතට පත්වෙමින් පවතින බවත්, හෘද රෝග, අධිරුධිර පීඩනය ආදි රෝගවලට ලබාදෙන ඖෂධ ද, ශල්‍යකර්ම සඳහා ලබාදෙන යම් යම් උපකරණවල ද ගැටලු පවතින බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකා‍ශ ‍කර සිටියේ.