නව පාප් වහන්සේට ජනපතිගෙන් සුබ පැතුම්

අභිනව පාප් වහන්සේ ලෙස වතිකානයේදී ඊයේ (08) පස්වරුවේ තේරී පත්වූ ශුද්ධෝත්තම 14 වන ලියෝ පාප් වහන්සේට ජනාධිපති අනුර කුමාර දිසානායක සුබ පැතුම් එක්කර තිබෙනවා.

ඒ අනුව පාප් වහන්සේගේ භූමිකාව විශාල වගකීමක් දරන බවත්, ඒ හරහා ලෝවාසී ජනතාවට මඟ පෙන්වීමට ශක්තිය ප්‍රාර්ථනා කරන බවයි සිය X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

එසේම පාප් වහන්සේගේ නායකත්වය ලොව පුරා සිටින ජනතාවට බලාපොරොත්තුවක් සහ මග පෙන්වීමක් වේවා යැයි අදාළ සුබ පැතුම් පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙනවා.

අදාළ X පණිවිඩය පහතින්