පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (08) රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබෙනවා.

පෙ.ව. 10.00 – පෙ.ව. 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර, පෙ.ව. 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර තිබෙන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අනතුරුව ‍පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා  රේගු ආඥා පනතේ (235 අධිකාරිය වූ) “අ” උපලේඛනයේ විධිවිධාන යටතේ ආනයන තීරුබදු සම්බන්ධයෙන් 2025.04.09 දින ඉදිරිපත් කරන ලද අංක 2421/05 දරන 2025.01.27 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයට අදාළ යෝජනා සම්මතය විවාදයට ගැනීමට  නියමිතයි.