පෙහෙල්ගාම් ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් සොයා ශ්‍රී ලංකන් ගුවන් යානයක් විශේෂ පරික්ෂාවකට

ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ගුවන් යානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී විශේෂ පරීක්ෂාවකට ලක්කර තිබෙනවා.

ඉන්දු කාෂ්මීරයේ පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බව කියන පිරිසක් අදාළ ගුවන්යානයෙන් පැමිණි බවට ලද තොරතුරක් මත මෙම පරික්ෂා කිරීම සිදුකරන බවයි සඳහන් වෙන්නේ.

අද (03) පෙරවරු 11.59ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟාවූ UL122 දරණ යානය මෙලෙස පරික්ෂා කිරීම සිදුකර ඇති අතර ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ගුවන් තොටුපළ ආරක්ෂක ඒකක එක්ව මෙ​ම සෝදිසි මෙහෙයුම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.