ලංකා T10 මංගල තර­ග­යේදී දසුන්ගේ හම්බ­න්තොට ඩේවිඩ් වීස්ගේ යාප­න­යට පරදී-නුව­ර­එ­ළිය-කලම්බු තර­ග­ය වැස්සට සේදේ

ශ්‍රී ලංකා­වේදී පළමු වරට සංවි­ධාන කරන ලංකා ටී10 සුපර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලිය ආරම්භ කර­මින් ඊයේ පැවති පළමු තර­ග­යේදී දසුන් ශානක මෙහෙ­ය­වන හම්බ­න්තොට බංග්ලා ටයි­ගර්ස් පිල කඩුලු 8කින් පරා­ජය කිරී­මට ඩේවිඩ් වීස් නාය­ක­ත්වය දෙන ජැෆ්නා ටයි­ටන්ස් කණ්ඩා­යම සමත් විය.

පල්ලෙ­කැලේ ජාත්‍ය­න්තර ක්‍රීඩාං­ග­ණ­යේදී ඊයේ පස්ව­රුවේ පැවති මේ තර­ගයේ පළ­මුව පන්දු­වට පහ­ර­දුන් හම්බ­න්තොට පිල කඩුලු 8ක් දැවී ලකුණු 106ක් රැස් කළ අතර, පිළි­තුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා පිල ඕවර 8.1කදී ජය තහ­වුරු කර ගත්තේ කඩුලු 2ක් පම­ණක් අහිමි කර ගනි­මිනි.

ජැෆ්නා පිළි­තුරු ඉනි­මේදී මුල් කඩුලු 2 ලකුණු 32ක් තුළ බිඳ වැටුණ ද ඉනි­මට වේග­වත් ආර­ම්භ­යක් දුන් ටොම් කෝලර් කැඩ්මෝර් පන්දු 21කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් සමඟ නොදැවී ලකුණු 57ක් රැස් කර­මින් කණ්ඩා­යම ජය­ග්‍ර­හ­ණය කරා ගෙන ගියේය. චරිත් අස­ලංක ලකුණු 12කට දෙවැනි කඩුල්ල ලෙස දැවී­යෑ­මෙන් පසු ටොම්ට එක්වූ ටොම් ඇබෙල් නොදැවී ලකුණු 33ක් රැස් කළේ පන්දු 19කදී හතරේ පහර 5ක් සම­ඟිනි. පන්දු යැවී­මේදී ඉසුරු උදාන සහ තරිඳු රත්නා­යක කඩුල්ල බැගින් දවා­ගත්හ.

දසුන් ශානක

දසුන් ශානක

පළ­මුව පන්දු­වට පහ­ර­දුන් හම්බ­න්තොට ඉනිම ඇරඹූ කුසල් ජනිත් පෙරේරා පළමු පන්දු­වෙන්ම දැවී­යෑ­මෙන් පසු පිටි­යට පිවිසි නායක දසුන් ශානක

ට්‍රවීන් මැතිව්

ට්‍රවීන් මැතිව්

මේ තර­ගා­ව­ලියේ පළමු අර්ධ ශත­කය රැස් කර­මින් කණ්ඩා­යම ඉදි­රි­යට ගෙන ගියේය. පන්දු 16කින් ලකුණු 51ක් රැස් කළ ඔහු හතරේ පහර 4කින් සහ හයේ පහර 5කින් ඉනිම වර්ණ­වත් කර ගත් අතර, මොහො­මඩ් ෂාසාඩ් ලකුණු 22ක් ඉනි­මට එක් කළේය. කෙසේ වෙතත් දසුන් සමඟ පිති­ක­රු­වන් 6 දෙනකු ලකුණු 9ක් තුළ දැවී­යෑ­මෙන් හම්බ­න්තොට පිලට විශාල ලකුණු සංඛ්‍යා­වක් කරා යෑමට තිබූ අව­ස්ථාව අහිමි වී ගියේය. විශිෂ්ට පන්දු යැවී­මක නිරත වූ ට්‍රවීන් මැතිව් සිය ඕවර 2කදී ලකුණු 10කට කඩුලු 4ක් බිඳ දැමූ අතර, ඔහු තර­ගයේ වීරයා ලෙස ද නම් කෙරිණි. ඩ්වේන් ප්‍රිටෝ­රි­යස්, ප්‍රමෝද් මධු­ෂාන් සහ මොහො­මඩ් අමීර් කඩුල්ල බැගින් දවා ගත්හ.

මේ අතර තර­ගා­ව­ලියේ දෙවැනි තර­ගය වූ නුව­ර­එ­ළිය කිංග්ස් සහ කලම්බු ජගු­වර්ස් කණ්ඩා­යම් අතර තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව නිමා විය. පස්වරු 6.15ට ආරම්භ වූ තර­ග­යේදී නුව­ර­එ­ළිය පිල පළමු පන්දු­වට පහර දෙමින් සිටි­යදී වර්ෂා­වෙන් බාධා ඇති වූ අතර, ඒ වන විට ඔවුන් ඕවර 6කදී කඩු­ල්ලක් දැවී ලකුණු 79ක් රැස් කර තිබිණි. ආර­ම්භක පිති­කරු අවිශ්ක ප්‍රනාන්දු පන්දු 18කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් සමඟ නොදැවී ලකුණු 50ක් සහ උමාර් අක්මාල් නොදැවී ලකුණු 2ක් රැස් කර තිබිණි.

අවිශ්ක සමඟ ඉනිම ඇරඹූ ධනුෂ්ක ගුණ­ති­ලක පන්දු 12කින් ලකුණු 12ක් රැස් කර සිටි­යදී ඔහු පිටි­යෙන් ඉවත් කර ගැනී­මට පුහු­ණු­කරු කට­යුතු කළේය.

තර­ගා­ව­ලියේ තෙවැනි තර­ගය ඊයේ රාත්‍රියේ කැන්ඩි බෝල්ට්ස් සහ ගොල් මාවල්ස් අතර පැවැ­ත්වී­මට නිය­මි­තව තිබිණි.

හම්බ­න්තොට බංග්ලා ටයි­ගර්ස් – 106/8 (ඕවර 10) දසුන් ශානක 51, මොහො­මඩ් ෂාසාඩ් 22 (ට්‍රවීන් මැතිව් 10/4)

ජැෆ්නා ටයි­ටන්ස් – 107/2 (ඕවර 8.1) ටොම් කෝලර් කැඩ්මෝර් නොදැවී 57, ටොම් ඇබෙල් නොදැවී 33