ජනපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශනයට අදාළ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී ඊයේ (04) ඒකමතිකව සම්මත විය.
ඉකුත් නොවැම්බර් මස 21 වැනිදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට මේ ප්රතිපත්ති ප්රකාශනය ඉදිරිපත් කළේය. ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශනයට අදාළ විවාදය පෙරේදා (03) පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වාත් ඊයේ (04) පෙරවරු 9.30 සිට පස්වරු 5 දක්වාත් දෙදින විවාදයක් ලෙස පැවැත්විණි.








