ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබේ.
ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 102.60ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 1.41ක වැඩිවීමක් ලෙස සටහන් වී තිබේ.
එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 107.00ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 1.21ක වර්ධනයක් ලෙස දැක්වේ.
මීට අමතරව මර්බන් බොරතෙල් බැරලයක මිලද ඩොලර් 104.70ක් දක්වා ඉහළ ගොස් ඇත.








