පිටිගල – පැලවත්ත මාර්ගයේ කරව්ව 15 කණුව ප්‍රදේශයේ යතුරුපැදියක් මාර්ගයයෙන් ඉවතට පැන ආරක්ෂිත වැටෙයි ගැටී සිදුවු අනතුරකින් 21 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණයා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බව පිටිගල පොලීසිය පවසයි.
මෙම තරුණයා ඉහළ හේවැස්ස ප්‍රදේශ පදිංචිකරුවෙකු වන අතර ඔහු මෙවර උසස් පෙළ විභාගය සමත්ව විශ්වවිද්‍යාල වරම් ලැබු අයෙකි.
රැකියාව සඳහා යන අතරතුර මොහු අනතුරට ලක්ව ඇත්තේ, ඊයේ (13) දිනයේ පැවති තද වැසි මධ්‍යයේ ය.
අනතුර සම්බන්ධව පිටිගල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.








