ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ බෙලරුස් විදේශ කටයුතු අමාත්‍ය මැක්සිම් රිෂෙන්කොව් මහතා අතර විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් මින්ස්ක් නුවරදී සාර්ථකව පවත්වා ඇත.
මෙය දශකයකට වැඩි කාලයකට පසු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බෙලරුස් රාජ්‍යයේ සිදු වූ පළමු ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරය බව සඳහන් වේ.
දෙරට අතර පවතින සබඳතා නව ප්රබෝධයකින් යුතුව ශක්තිමත් කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු වූ අතර, සාකච්ඡා අවසානයේදී දෙරටේ විදේශ අමාත්‍යවරුන් විසින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ සහයෝගීතාව පුළුල් කිරීමට දෙරටේම කැපවීම එහිදී අවධාරණය කළ බව සඳහන් වේ.
මෙම සංචාරයේ තීරණාත්මක ප්‍රතිඵලයක් ලෙස එක් නව ද්විපාර්ශ්වික ගිවිසුමක් සහ අවබෝධතා ගිවිසුම් දෙකක් වශයෙන් ප්‍රධාන ගිවිසුම් තුනකට අත්සන් තබා ඇත.
මෙම ගිවිසුම් මඟින් ඉදිරි වසරවලදී දෙරට අතර ආර්ථික, සංචාරක සහ විදේශ සබඳතා ප්‍රවර්ධනය කිරීමට ශක්තිමත් පදනමක් වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.








