සුපුන්, සඳු සහ රවිහාරි පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ඉසව්වට සුදුසුකම් ලබයි

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝහී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලබාගැනීමට බර ඉසිලීමේ ක්‍රීඩක සුපුන් සෝමතිලක, සඳු ජයවර්ධන සහ බර ඉසිලීමේ ක්‍රීඩිකා රවිහාරි ගුණතිලක සමත් විය.

ඒ ඉන්දියාවේ ගුජරාට් හී පැවැත්වෙන ආසියානු බර ඉසිලීමේ ශූරතා තරගාවලියේදී දක්ෂතා ප්‍රදර්ශනය කරමිනි. 

පිරිමි කිලෝග්‍රෑම් 60ට අඩු බර පන්තිය නියෝජනය කළ සුපුන් සෝමතිලක සමස්ත බර කිලෝග්‍රෑම් 255ක් එසවු අතර ඔහු ඉසව්වේ 05වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.

මේ අතර පිරිමි කිලෝග්‍රෑම් 65 බර පන්තිය නියෝජනය කළ සඳු ජයවර්ධන සමස්ත බර කිලෝග්‍රෑම් 275ක් එසවමින් මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළ සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත් වුණේය.

කාන්තා කිලෝග්‍රෑම් 48ට අඩු බර පන්තිය නියෝජනය කළ රවිහාරි ගුණතිලක සමස්ත බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 161ක් එසවමින් පස්වැනි ස්ථානය දිනාගත් අතර ඇයද මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළට සුදුසුකම් ලබාගත්තහ.