බර අඩු කරගන්න අලුත් පෙත්තක්

බර අඩු කර ගැනීම සඳහා දැනට ලබාගන්නා එන්නත් (GLP-1 injections) නතර කළ පසු නැවත ශරීර බර වැඩිවීම වැළැක්වීමට උපකාරී වන නව පෙත්තක් පිළිබඳව පර්යේෂණ තොරතුරු අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මෙය ඔර්ෆෝග්ලිප්‍රොන් (Orforglipron) ලෙස හැඳින්වේ. 

එය අමෙරිකා එක්සත් ජනපදයේ දැනටමත් භාවිතයේ පවතින අතර ඉක්මනින් බ්‍රිතාන්‍යයටද හඳුන්වා දීමට නියමිත බව සඳහන් වෙයි.

මෙම පෙත්ත මගින් කුසගින්න අඩු කරන හෝමෝනයක් අනුකරණය කරමින් ආහාර රුචිය පාලනය කරයි.

එමගින් එන්නත් ලබාදීම නතර කළ අයෙකුට නැවත බර වැඩිවීම වළක්වා ගැනීමට උපකාරී වේ.

වසරක් පුරා සිදුකළ පරීක්ෂණවලින් හෙළි වූයේ මෙම පෙත්ත ලබාගත් පුද්ගලයින් තමන් අඩු කරගත් බරෙන් 70%කට වඩා ප්‍රමාණයක් නොවෙනස්ව පවත්වා ගැනීමට සමත් වූ බවයි.

මේ අතර, එන්නත්වලට වඩා පෙත්තක් භාවිතය පහසු වීම සහ එහි පිරිවැය එන්නත්වලට වඩා බෙහෙවින් අඩු වීම මෙහි ඇති විශේෂත්වයයි. 

ඔක්කාරය, මලබද්ධය හෝ පාචනය වැනි සුළු අතුරු ආබාධ වාර්තා වී ඇති බවද සඳහන් වෙයි.