යූරියා පොහොර බෙදාහැරීමට පෞද්ගලික ආයතනවලට ඉඩ ලබාදීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්රමාරච්චි මහතා පැවසීය.
ඒ අනුව මේ සතිය තුළදී පොහොර ගැටලුව විසඳෙනු ඇති බවත් ගොවීන් සංවේදී බැවින් බොරුවට රට තුළ පොහොර හිඟයක් මවා නොපාන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියේය.
රට තුළ පොහොර මේ වනවිට ප්රමාණවත් තරම් පවතින බවත් මහ කන්නයට පවා පොහොර ගෙන ඒමට රජය වැඩසටහනක් මේ වනවිටත් සකස් කර අවසන් බවද තුෂාර වික්රමාරච්චි මහතා වැඩිදුරටත් පැවසීය.








