දින 3ක සිට අතුරුදන් ව සිටි පුද්ගලයාගේ මළසිරුර කුඹුරකින් හමුවෙයි

වෙල්ලාවලි, සින්නවත්ත ප්‍රදේශයේ කුඹුරු ඉඩමක් තුළ පුද්ගලයෙකු සැක කටයුතු ලෙස මියගොස් සිටින බවට වෙල්ලාවලි පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

අදාළ පුද්ගලයා පසුගිය 08වනදා සිට අතුරුදන් ව සිටි පුද්ගලයෙකු බව දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත. 

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 53ක් වූ සින්නවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෙල්ලාවලි පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.