දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් අඩි හතර බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව තත්ත්පරයට ඝන අඩි 11,100 බැගින් ජලය දැදුරුඔයට නිකුත් කෙරෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මේ අතර අද (01) පස්වරු 01.15 පමණ වනවිට රාජංගනය ජලාශයේ වාන්දොරු 8ක් විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව වාන් දොරටු දෙකක් අඩි පහ බැගින් ද වාන් දොරටු හතරක් අඩු තුන බැගින් ද වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් ද විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.
එමගින් ඝන අඩි 8,113ක ජලය මුදාහැරෙන බව ඔවුන් ප්රකාශ කරයි.








