මිනුවන්ගොඩ කටුවැල්ලගම ප්‍රදේශයේ රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

මිනුවන්ගොඩ – කටුවැල්ගම ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.  

දාගොන්න ප්‍රදේශයේ සිට අලුතෑපොල ප්‍රදේශයට ධාවනය කළ යතුරුපැදියක් සහ අලුතෑපොල ප්‍රදේශයේ සිට දාගොන්න ප්‍රදේශයට ධාවනය කළ ලොරි රථයක් එකිනෙක ගැටී මෙම අනතුරව සිදුව ඇත.

මෙම අනතුරින් යතුරුපැදිකරු වන මිලන් සඳරුවන් නමැති පුද්ගලයා මිය ගොස් ඇති අතර පසුපැදිකරුවන් ලෙස සිටි  ඔහුගේ බිරිඳ සහ වයස අවුරුදු තුනක් වූ කුඩා දරුවා බරපතළ තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කරයි.

තුවාලකරුවන් මීගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුඩා දරුවා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

මෙම අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු මිනුවන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

සිද්ධියෙන් මිය ගිය මිලන් සඳරුවන් නමැති පුද්ගලයාගේ මළ සිරුර ගම්පහ රෝහලේ තැන්පත් කර ඇති අතර හෙට දින (09) මරණ පරීක්ෂණය පවත්වන බව මිනුවන්ගොඩ පොලීසිය සඳහන් කරයි.