ලිට්රෝ ගෑස් මිලේ වෙනසක් නෑ

මැයි මාසය සඳහා ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකි­රී­මට ලිට්රෝ ගෑස් ලංකා සමා­ගම තීර­ණය කර තිබේ.

ජාත්‍ය­න්තර වෙළෙ­ඳ­පොළේ ගෑස් මිල ඉහළ යාම සහ විනි­මය අනු­පා­ත­වල පව­තින අභි­යෝ­ගා­ත්මක තත්ත්ව හමුවේ වුවද සමා­ගම මෙම තීර­ණය ගෙන ඇත්තේ පාරි­භෝ­ගි­ක­යන්ට සහන සැල­සීමේ අර­මු­ණෙනි.

ඒ අනුව ලිට්රෝ කිලෝ­ග්‍රෑම් 12.5 ගෘහස්ත සිලි­න්ඩ­ර­යක මිල රුපි­යල් 4765ක් ද, කිලෝ­ග්‍රෑම් 5 ගෘහස්ථ සිලි­න්ඩ­ර­යක මිල රුපි­යල් 1910ක් ද, කිලෝ­ග්‍රෑම් 2.3 ගෘහස්ථ සිලි­න්ඩ­ර­යක මිල රුපි­යල් 890ක් ද වශ­යෙන් නොවෙ­නස්ව පව­තියි.