මෑතකදී ඇති වූ දිට්වා ගංවතුර තත්ත්වය හේතුවෙන් හානියට පත් වූ මාවිල්ආරු ප්‍රධාන සොරොව්ව ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව, යල කන්නයේ වගා කටයුතු සඳහා ජලය නිකුත් කිරීම ඊයේ (30) සුබ මොහොතින් සිදු කෙරිණි.
අල්ල ගොවි ජනපද ව්‍යාපාරයට අයත් කුඹුරු අක්කර 40,000ක පමණ ප්‍රමාණයක් පෝෂණය වන්නේ මෙම මාවිල්ආරු ජලාශය මගිනි.
සේරුවිල, වෙරුගල් සහ මූතූර් යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුනට අයත් ගොවි පවුල් 10,000ක් පමණ සිය කෘෂිකාර්මික කටයුතු සඳහා මාවිල්ආරු ජලාශයෙන් ජලය ලබා ගනිති.
එහෙත් පසුගියදා ඇති වූ දිට්වා ගංවතුර තත්ත්වය හේතුවෙන් මාවිල්ආරු ජලාශය සහ එහි බැම්ම මුළුමනින්ම පාහේ විනාශයට පත් විය.
විනාශ වූ ජලාශයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සාර්ථකව සිදු කෙරෙමින් පවතින අතර, එහි වැදගත් අදියරක් ලෙස එළඹෙන යල කන්නය ආරම්භ වීමට ප්‍රථම ප්‍රධාන සොරොව්ව ප්‍රතිසංස්කරණය කිරීම කඩිනමින් නිම කරන ලදී.








