තීරුබදු රහිතව මෙරටට රැගෙන එන ලද බීඩිකොළ තොගයක් පොලිස් භාරයට ගෙන තිබේ.
ඊයේ (25) අළුයම මීගමුව පොලිස් වසමේ කොතලාවල පාලම අසල කළපු තීරයේදී මිගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබේ.
එහිදී බෝට්ටු 02ක් යොදා ගනිමින් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද බීඩිකොළ කිලෝග්රෑම් 596 ග්රෑම් 750ක් අදාළ බෝට්ටු 02 සමඟ පොලිස් භාරයට ගෙන මීගමුව පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මීගමුව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි








