පාකිස්තානයේ ඉල්ලීම පරිදි, ඉරානය සමඟ පවතින සටන් විරාමය දීර්ඝ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් පවසනවා.
කෙසේ වෙතත්, ඉරාන වරායන් අවහිර කිරීමේ ක්රියාවලිය තවදුරටත් සිදු කරන බවයි සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.
ඉරාන නායකයන් සහ නියෝජිතයන් විසින් නව යෝජනාවක් ඉදිරිපත් කරන තෙක් එරටට එල්ල කරන ප්රහාර නවතා තබන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වී ඇති බව ද වාර්තා වනවා.
ඒ අනුව, අදාළ පාර්ශ්වයන් සිය යෝජනාව ඉදිරිපත් කර සාකච්ඡා අවසන් කරන තෙක්, මෙම සටන් විරාමය දීර්ඝ කරන බවයි ඩොනල්ඩ් ට්රම්ප් වැඩිදුරටත් ප්රකාශ කර ඇත්තේ.








