අස්වැසුම සුභසාධක ප්රතිලාභ යෝජනා ක්‍රමය යටතේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන්ගේ ප්රතිලාභ අද (22) දිනයේ අදාළ ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට සුභසාධක ප්රතිලාභ මණ්ඩලය පියවර ගෙන තිබේ.
ඒ අනුව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 689,931ක් දෙනකු වෙනුවෙන් රුපියල් මිලියන 3,449.65ක මුදලක් එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුභසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි. අස්වැසුම සුභසාධක ප්රතිලාභ යෝජනා ක්රමයේ පළමු අදියරේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 617,406 දෙනකු සඳහා අප්‍රේල් මස වැඩිහිටි දීමනාව ලෙස රුපියල් මිලියන 3,087.03ක මුදලක් ගෙවීමට නියමිතව තිබේ. ඊට අමතරව දෙවැනි අදියරේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 72,525 දෙනකු සඳහා අප්‍රේල් මස වැඩිහිටි දීමනාව වශයෙන් රුපියල් මිලියන 362.62ක මුදලක් ගෙවන බව ද සුභසාධක ප්රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.
මහින්ද අලුත්ගෙදර








