අද සවස ගිගු­රුම් සහිත වැසි

දිව­යිනේ බොහෝ ප්‍රදේ­ශ­වල අද (22) දින­යේද පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගු­රුම් සහිත වැසි ඇතිවේ.

බස්නා­හිර, සබ­ර­ග­මුව, මධ්‍යම, ඌව සහ දකුණු පළා­ත්ව­ලත් අම්පාර දිස්ත්‍රි­ක්ක­යේත් ඇතැම් ස්ථාන­ව­ලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකිය.

මඩ­ක­ල­පුව, අම්පාර සහ හම්බ­න්තොට දිස්ත්‍රි­ක්ක­වල උදෑ­සන කාල­යේ­දීත් වැසි ඇති විය හැකිය.

මධ්‍යම, සබ­ර­ග­මුව, උතුරු මැද සහ ඌව පළා­ත්ව­ලත් ගාල්ල, මාතර, කළු­තර, වවු­නි­යාව සහ කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්ක­ව­ලත් ඇතැම් ස්ථාන­වල අලු­යම් කාල­යේදී මීදුම් සහිත තත්ත්ව­යක් පැව­තිය හැකිය.

ගිගු­රුම් සහිත වැසි සමඟ ඇති­විය හැකි තාව­කා­ලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අන­තුරු අවම කර ගැනී­මට අවශ්‍ය පිය­වර ගන්නා ලෙස ජන­තා­ව­ගෙන් කාරු­ණි­කව ඉල්ලා සිටිනු ලැබේ.

ඊයේ (21) පෙ.ව 8.30න් අව­සන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂා­ප­ත­නය මි.මී. 201.5ක් ලෙස කෑගල්ල දිස්ත්‍රි­ක්කයේ පම්බෙ­ගම තේ කර්මාන්ත ප්‍රදේ­ශ­යෙන් වාර්තා විය.

උතුර, උතුරු-මැද, වයඹ, බස්නා­හිර, සබ­ර­ග­මුව, නැඟෙ­න­හිර, දකුණු පළා­ත්ව­ලත් මොන­රා­ගල දිස්ත්‍රි­ක්ක­යේත් ඇතැම් ප්‍රදේ­ශ­වල දිවා කාල­යේදී අද (22) දිනයේ මිනිස් සිරු­රට දැනෙන උෂ්ණ­ත්වය අව­ධා­නය යොමු කළ යුතු මට්ට­මක පව­තින බවද කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරයි.

විදුලි බලාගාර ආශ්‍රිත අැතැම් ජලාශවලට ද වැසි ලැබී තිබේ.

උපාලි කරු­ණා­රත්න