2026 වර්ෂයේ පළමු කාර්තුව තුළ වාර්තාගත සුරාබදු ආදායමක් උපයා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, 2026 මාර්තු 31 වන විට රුපියල් බිලියන 70.4 ක සුරාබදු ආදායමක් වාර්තා වී ඇති අතර, එය ඉලක්කගත ආදායමට සාපේක්ෂව 113.6% ක ඉහළ ප්‍රතිශතයක් බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එම කාලසීමාව සඳහා නියමිතව තිබූ රුපියල් බිලියන 61.95 ක ආදායම් ඉලක්කය මෙලෙස ඉක්මවා ගොස් ඇති අතර, මෙය 2025 වර්ෂයේ පළමු කාර්තුවට සාපේක්ෂව 114.8% ක වර්ධනයක් බව සුරාබදු දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
2026 වර්ෂය සඳහා රුපියල් බිලියන 245 ක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමට අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.








