අද ගිගු­රුම් සහිත වැසි

දිව­යිනේ බොහෝ ප්‍රදේ­ශ­ව­ලට අද පස්වරු 1 න් පසු ගිගු­රුම් සහිත වැසි ඇති විය හැකි බව කල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව පව­සයි.

ගිගු­රුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාව­කා­ලික තද සුළං­ව­ලින් සහ අකුණු මඟින් සිදු වන අන­තුරු අවම කර ගැනී­මට අවශ්‍ය පිය­වර ගන්නා ලෙස කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ කාර්යයේ නියුතු කාල­ගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පැවැ­සීය.

මේ අතර මාව­නැල්ල හා ඒ අවට ප්‍රදේ­ශ­ව­ලට ඊයේ (20) ඇඳ­හැ­ළුණු වර්ෂාව සමඟ ඇති වූ සුළ­ගින් නිවාස රැස­කට හානි සිදුව ඇති අතර අධි­බ­ලැති විදුලි රැහන් පද්ධ­ති­ය­ක­ටද හානි සිදුව එම ප්‍රදේ­ශ­වල ගමනා ගමන කට­යුතු සම්පූ­ර්ණ­යෙන් ඇණ හිට තිබේ.

ඊයේ (20) රාත්‍රී 11.00 දක්වා වලං­ගු­වන පරිදි කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව නිකු­ත්කළ ප්‍රබල අකුණු පිළි­බඳ අව­වා­දා­ත්මක නිවේ­ද­නය දිව­යිනේ සියලු පළාත් සඳහා නිකුත් කර තිබිණ.

බස්නා­හිර, සබ­ර­ග­මුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළා­ත්ව­ලත් අනු­රා­ධ­පුර දිස්ත්‍රි­ක්ක­යේත් ඇතැම් ස්ථාන­ව­ල­ටත් අද දිනයේ දී මි.මී. 100ක පමණ තද වැසි ඇති විය හැක.

මධ්‍යම, සබ­ර­ග­මුව, උතුරු මැද සහ ඌව පළා­ත්ව­ලත් ගාල්ල, මාතර සහ කුරු­ණෑ­ගල දිස්ත්‍රි­ක්ක­ව­ලත් ඇතැම් ස්ථාන­වල අලු­යම් කාල­යේදී මීදුම් සහිත තත්ත්ව­යක් පැවැ­තිය හැකිය.

ඊයේ(20) පෙර­වරු 8.30න් අව­සන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂා­ප­ත­නය ලෙස මි.මී 75ක වර්ෂා­ප­ත­න­යක් හංවැල්ල ප්‍රදේ­ශ­යෙන් වාර්තා වූ බව කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරයි.

කෙසේ වෙතත් සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ වැසි පැවැ­ති­යත් දහ­වල් කාලයේ සිරු­රට දැනෙන අව­ධා­නය යොමු­කළ යුතු මට්ටමේ උණු­සුම ඉදිරි දින­ව­ල­දීත් බලා­පො­රොත්තු වන බව ද කාර්ය­යයේ නියුතු කාල­ගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පැවැ­සීය. ඒ අනුව අද(21) දිනයේ උතුරු, උතුරු-මැද, වයඹ, බස්නා­හිර, සබ­ර­ග­මුව, නැ‍ඟෙන­හිර, දකුණු පළා­ත්ව­ලත් මොන­රා­ගල දිස්ත්‍රි­ක්ක­යේත් ඇතැම් ප්‍රදේ­ශ­වල මිනිස් සිරු­රට දැනෙන උණු­සුම අව­ධා­නය යොමු­කළ යුතු මට්ට­මක පැවැ­තිය හැකි බව ද කාල­ගුණ විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුව උණු­සුම් කාල­ගු­ණය පිළි­බඳ අව­වා­දා­ත්මක නිවේ­ද­න­යක් නිකුත් කර­මින් සඳ­හන් කරයි.

උපාලි කරු­ණා­රත්න, අර­ණා­යක – රෝහණ ජය­රත්න