සෞඛ්‍ය ඇමැති WHO හා සාක­ච්ඡා­වක

මෙරට සෞඛ්‍ය පද්ධ­තියේ ප්‍රගති සමා­ලෝ­ච­න­යක් සිදු කිරී­මට පැමිණි ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ (WHO) විශේ­ෂඥ කණ්ඩා­ය­මක් සහ සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමාත්‍ය නලින්ද ජය­තිස්ස මහතා අතර සාක­ච්ඡා­වක් සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමා­ත්‍යාං­ශ­යේදී ඊයේ (20) පැවැ­ත්විණි.

මෙහිදී මෙරට සෞඛ්‍ය පද්ධ­තියේ වත්මන් ක්‍රියා­කා­රි­ත්වය පිළි­බ­ඳ­වත්, ශ්‍රී ලංකාවේ ප්‍රාථ­මික සෞඛ්‍ය පද්ධ­තිය ශක්ති­මත් කිරී­මට රජය විසින් ක්‍රියා­ත්මක කරනු ලබන Òආරෝග්‍යා සුවතා මධ්‍ය­ස්ථානÓ පිහි­ටු­වීමේ වැඩ­පි­ළි­වෙ­ළෙහි ප්‍රග­තිය පිළි­බ­ඳ­වත් දීර්ඝව සාක­ච්ඡා­වට ලක්විය.

මෙහිදී අමා­ත්‍ය­ව­රයා පෙන්වා දුන්නේ, මෙම වැඩ­ස­ට­හන යටතේ මධ්‍ය­ස්ථාන 1000ක් පිහි­ටු­වී­මට සැල­සුම් කර ඇති බවත් බෝ නොවන රෝග පාල­නය, රෝග කල්තියා හඳු­නා­ගැ­නීම සහ ග්‍රාමීය ජන­තා­වට සමීප සෞඛ්‍ය සේවා ලබා­දීම මෙහි ප්‍රධාන අර­මුණු බවයි. එසේම ප්‍රාථ­මික සෞඛ්‍ය සේවා ඩිජි­ට­ල්ක­රණ වැඩ­ස­ට­හන් පිළි­බ­ඳ­වත්, එහි සාර්ථ­ක­ත්වය සහ අභි­යෝග

පිළි­බ­ඳ­වත් අමා­ත්‍ය­ව­රයා පිරි­සට කරුණු පෙන්වා දෙන ලදි.

එමෙන්ම බෝ නොවන රෝග පරී­ක්ෂාව, පිළිකා කල්තියා හඳු­නා­ගැ­නීම, වැඩි­හිටි සහන සත්කාර, පෝෂණ උප­දේ­ශන සේවා සහ රසා­ය­නා­ගාර පහ­සු­කම් ඇතුළු සේවා මෙම මධ්‍ය­ස්ථාන මඟින් ලබා­දී­මට කට­යුතු කර ඇති බව ද සඳ­හන් කළේය. මෙම සමා­ලෝ­ච­න­යෙන් ලැබෙන නිර්දේශ පද­නම් කර­ගෙන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධ­තිය තව­දු­ර­ටත් කාර්ය­ක්ෂම සහ ජනතා කේන්ද්‍රීය පද්ධ­ති­යක් බවට පත්කි­රීම රජයේ අපේ­ක්ෂාව බව ද අමා­ත්‍ය­ව­රයා අව­ධා­ර­ණය කළේය.

මෙහි පළමු අදි­යර ලෙස, ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ අග්නි­දිග ආසි­යානු කලා­පීය කාර්යා­ලයේ උප­දේ­ශක මහා­චාර්ය ටී. සුන්ද­ර­රා­මන් මහ­තාගේ සහ­භා­ගි­ත්ව­යෙන් 2025 නොවැ­ම්බර් මාස­යේදී සාර්ථ­කව ක්‍රියා­ත්මක කරන ලද අතර එහි දෙවැනි අදි­යර යටතේ, මෙම විශේ­ෂඥ කණ්ඩා­යම 20 සිට 24 දක්වා දිව­යිනේ රැඳී සිටි­මින් ක්ෂේත්‍ර චාරිකා සහ සවි­ස්ත­රා­ත්මක අධ්‍ය­යන කට­යුතු සිදු කිරී­මට නිය­මි­තය.

නවෝද්‍යා තත්ස­රණි