සාම පා ගමන සඳහා පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ සහ ආලෝකා සුනඛයා දිවයිනට පැමිණෙයි

‘Walk for Peace’ සාම පා ගමන සඳහා පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා සහ ‘ආලෝකා’ නම් සුනඛයා අද (21) දිවයිනට පැමිණ තිබෙනවා.

ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී අද (21) ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව, ‘Walk for Peace’ සාම පා ගමන හෙට (22) දඹුල්ලෙන් ආරම්භ කිරීමට නියමිතයි.

එළඹෙන අප්‍රේල් 22 වැනිදා සිට 28 වැනිදා දක්වා දින හතක් පුරා මහා සංඝරත්නය ප්‍රමුඛ පිරිස මෙම සාම පා ගමනේ නිරත වීමට නියමිතව තිබෙනවා.