අවුරුදු සමයේ රිය අනතුරු සහ දියේ ගිලීම්වලින් පුද්ගලයන් 80 ක් මරුට

අලුත් අවුරුදු සමයේ රිය අනතුරු සහ දියේ ගිලීම්වලින් පමණක් පුද්ගලයන් 80කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

පසුගිය අප්‍රේල් මස 10 වැනි දින සිට 18 වැනි දින දක්වා කාලය තුළදී මෙම මරණ වාර්තා වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අදාළ කාලසීමාව තුළ රිය අනතුරුවලින් පුද්ගලයන් 53 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, දියේ ගිලීම් හේතුවෙන් සිදු වූ අනතුරුවලින් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පෙර වසරවලට සාපේක්ෂව මෙවර අලුත් අවුරුදු සමයේ රිය අනතුරු සහ දියේ ගිලීම්වලින් සිදු වූ මරණ සංඛ්‍යාවේ වර්ධනයක් පෙන්නුම් කරන බවයි පොලිසිය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.