චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ චීන ජාතිකයෙකු අද (20) අලුයම ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු මෙම දුම්වැටි තොගය චීනයෙන් මිල දී ගෙන, තායිලන්තයේ බැංකොක් නුවර වෙත රැගෙන විත්, එතැන් සිට අද අලුයම 12.55 ට තායි ගුවන් සේවයේ TG-307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
සැකකරු රැගෙන ආ ගමන් මලු 13 ක් තුළ තිබී චීනයේ නිෂ්පාදිත දුම්වැටි වර්ග 08කට අයත් දුම්වැටි 229,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 1,149 ක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් 34,470,000 බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.








