සිංහල දෙමළ අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සදහා සියලු පළාත් කේන්ද්‍ර කරගෙන අදත් (19) විශේෂ බස් රථ සහ දුම්රිය සේවා ක්‍රියාත්මක වනවා.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න දුර සේවා බස් රථ භාවිත කරන මගීන්ගෙන් ඉල්ලා සිටියේ පස්වරුවේ අධික තදබදයක් මතුවිය හැකි බැවින් හැකිතරම් වේලාසනින් බස් රථ වෙත යොමුවන ලෙසයි.
මේ අතර, නියමිත ගාස්තු ඉක්මවා අයකරන බස් රථ සොයා වැටලීම් ද සිදුකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා.
අද දිනයේදීත් විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ද පැවසුවේ.
එසේම, හෙට සිට සාමන්‍ය පරිදි දුම්රිය ධාවන කාලසටහන ක්‍රියාත්මක කරන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.








