දිවයිනේ ප්‍රදේශ දෙකක සිදුවු ඝාතන දෙකකින් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (14) සවස වැල්ලවාය පොලිස් වසමේ, නෙටොලගම ප්‍රදේශයේදී කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී ඇති බවට වැල්ලවාය පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් ලැබී තිබුණි.
ඒ අනුව අදාළ ස්ථානයට පොලිස් නිලධාරීන් ගොස් තුවාල ලබා සිටි කාන්තාව රෝහල්ගත කර ඇති අතර, ඒ වනවිටත් අදාළ කාන්තාව මියගොස් සිට ඇති බව වෛද්‍යවරු පවසා තිබේ.
එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 32ක් වූ වැල්ලවාය ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මියගිය කාන්තාව හා අනියම් සැමියා අතර ඇති වූ පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලීසිය සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
සිද්ධියට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර වැල්ලවාය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
මේ අතර, පයාගල ප්‍රදේශයේ ද පුද්ගලයෙකුගේ හිසට පොල්ලකින් පහර දී ඝාතනය කර තිබේ.
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, එම ප්‍රදේශයේම ජීවත් වූ 46 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.
පයාගල විහාරකන්ද ප්‍රදේශයේ නිවසක ඊයේ අලුත් අවුරුද්ද වෙනුවෙන් මත්පැන් සාදයක් පවත්වා ඇති අතර, එහිදී ඇතිවූ කතාබහක් දුරදිග යෑමෙන් මෙම ඝාතනය සිදුව ඇතැයි පොලීසිය සඳහන් කළේය.
පහරකෑමට ලක්වූ පුද්ගලයාගේ හිසට බරපතළ තුවාල සිදුව තිබී ඇති අතර, ඔහුව කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබුණි.
ඝාතනය සිදුකළ පුද්ගලයා පයාගල පොලීසිය මඟින් අත්අඩංගුවට ඇත.
මේ අතර, අනුරාධපුරය, නුවර වැවෙහි තිබී පිරිමි මෘත ශරීරයක් සොයාගෙන තිබේ.
පොලීසියට ලද තොරතුරක් මත මෙම සිරුර සොයාගෙන ඇති අතර, මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැත.
මියගිය පුද්ගලයා අඩි 5යි අඟල් 6ක් පමණ උස, තලෙළු, කොණ්ඩය කොටට කපා මුහුණ පුරා රැවුල වවා ඇති අයෙකු බව පොලීසිය පවසයි.
ඔහු යටි කයට නිල් පැහැති කොට කලිසමක් හැද සිට ඇති අතර, මෘත ශරීරය මේ වනවිට අනුරාධපුර රෝහලේ තැන්පත් කර ඇත.
උස අඩි 05 අඟල් 06 ක් පමණ, තලෙළු, කොන්ඩය කොටට කපා ඇත. මුහුණ පුරා රැවුල වවා ඇති අතර අවසන් වරට යටි කයට නිල්පැහැති කොට කලිසමක් හැඳ සිට ඇත.
මෘත ශරීරය අනුරාධපුරය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනුරාධපුරය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.








