තමන්ගේ “පාස්කු ඉරිදා මහ මොළකරු” නමැති කෘතියට සමාන ව්‍යාජ කෘතියක් සංසරණය වෙමින් පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.
එම ව්‍යාජ පොත සකස් කිරීමට භාවිත කර ඇත්තේ තමන් විසින් හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ වෙත ලබාදුන් පිටපත බවයි අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සුරේෂ් සලේ සතුව තිබුණු එම පිටපත ලබාගෙන, බුද්ධිමය දේපළක් සොරකම් කරමින්, කූට ලේඛනයක් සකස් කර ඇති බව ද ඔහු ප්‍රකාශ කළා.
දැනට සමාජ මාධ්‍යවල සංසරණය වන “පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා” නමැති PDF ගොනුව තමන් නිකුත් කළ එකක් නොව කූට ලේඛනයක් බවත්, එම ව්‍යාජ ලේඛනය සැකසීමේ වගකීම ශානි අබේසේකර භාරගත යුතු බවත් උදය ගම්මන්පිල වැඩිදුරටත් අවධාරණය කර සිටියා.








