අතපය ගැට ගසා ඝාතනය කර තිබූ පුද්ගල මළ සිරුරක් අද (03) උදෑසන පානදුර කොළඹ පරණ පාරේ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
එලෙස මිය ගොස් ඇත්තේ පානදුර උතුර ඥානසේන මාවතේ පදිංචිව සිටි 37 හැවිරිදි අයකු බවට හඳුනාගෙන ඇති බවයි පොලිසිය ප්රකාශ කළේ.
ඝාතනය සිදු වූ ආකාරය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.








