රජයේ වෛද්‍ය නිලධාරීට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ දරුවන්ට පාසල්වලට ඇතුළත් කිරීමේ දී ඔවුන් මුහුණදෙන ගැටලු නිරාකරණය කිරීම සදහා මැදිහත්වීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය අපේක්ෂා කරයි.

එබඳු ගැටලුවලට මුහුණ දෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ට සිය ගැටලු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ එරංගා ජයවර්ධන මහත්මිය (අධ්‍යක්ෂ ECI) වෙත දැනුම් දෙන මෙන් අමාත්‍යංශය දැනුම්දීමක් කරනුලැබේ.

එරාංගා ජයවර්ධන (අධ්‍යක්ෂ ECI)
දුරකථන අංකය – 0112675011
දිගු අංකය 173