ආහාර නොවන උද්ධමනය ඉහළට

ආහාර නොවන උද්ධමනය නොවැම්බර් මාසයේ පැවති 1.7% සිට 1.8% දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර 2025 දෙසැම්බර් මාසයේදී 2.1%ක් ලෙස පැවති සමස්ත උද්ධමන අනුපාතය වෙනස් වී නැතැයි කොළඹ පාරිභෝගික මිල දර්ශකය වාර්තා කරනවා.

මේ අනුව ආහාර උද්ධමනය ද නොවැම්බර් මාසයේ 3% ක්ව පැවති අතර දෙසැම්බර් මාසයේදී එය වෙනස් වී නැති බවයි සඳහන්.