2026 වසරට පා තබන්නේ, අභියෝග ජය ගනිමින් බිඳවැටුණු ජන ජීවිත යළි යථා තත්ත්වයට පත් කිරීමේ දැඩි කැපවීම පෙරදැරිවයි – අගමැතිනිය

උදාවූ 2026 නව වසර වෙත අප පා තබන්නේ අභියෝග ජය ගනිමින්, ව්‍යසනයෙන් බිඳුණු සිත් සුවපත් කරමින් සහ බිඳවැටුණු ජන ජීවිත යළි යථා තත්ත්වයට පත් කිරීමේ දැඩි කැපවීම පෙරදැරිව බව අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මක සහ තිරසර වෙනසක් සනිටුහන් කරන අධ්‍යාපන පරිවර්තනය සිදු කිරීම ඇතුළු, රාජ්‍ය සේවයේ සෑම ක්ෂේත්‍රයක්ම ඩිජිටල්කරණය කිරීම, නව අදහස් සහිත ව්‍යවසායකයින්ට, කලාකරුවන්ට සහ නිර්මාණකරුවන්ට ගෝලීය මට්ටමින් නැගී සිටීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම, විෂ මත්ද්‍රව්‍යයෙන් තොර, පරිසර හිතකාමී සහ සහකම්පනයෙන් යුතු සමාජයක් ගොඩනැඟීම වැනි සුවිශේෂී අරමුණු රැසක් සමගින් ජාති, ආගම් හා පක්ෂ භේදයකින් තොරව, ශක්තිමත් ශ්‍රී ලාංකික අනන්‍යතාවයකින් යුතුව මේ රට ගොඩනැඟීමේ වගකීම රජය ඇතුළු සමස්ත ජනතාව වෙත පැවරෙන බවද අගමැතිවරිය සිය නව වසර වෙනුවෙන් වූ සුබ පැතුම් පණිවිඩය මඟින් සඳහන් කර තිබෙනවා.

ගෙවුණු වසරේ අප මුහුණදුන් සියලු අභියෝගයන් ශක්තියක් බවට පත් කර ගනිමින්, නව ජවයකින් සහ අපේක්ෂාවෙන් යුතුව 2026 වසර වෙත පියවර තැබීමට ඇරයුම් කරන බවයි අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

 news images