පුනරුදයට මග වැඩපිළිවෙළ යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය උසස් කරමින්, ජනතා ගමනාගමන පහසුකම් පුළුල් කිරීම සඳහා ග්‍රාමීය මාර්ග 76 ක් සංවර්ධනය කිරීමේ කටයුතු අද (01) සිට ආරම්භ වී තිබෙනවා.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා රුපියල් මිලියන 5,000 ක මුදලක් වෙන් කර ඇති බවයි සඳහන් වන්නේ.
මෙම ව්‍යාපෘතිය මඟින් ගම්මාන සම්බන්ධතා ශක්තිමත් කිරීම, වෙළෙඳපොළ හා අත්‍යවශ්‍ය සේවා වෙත පහසු ප්‍රවේශය සැලසීම, ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම ආදී අරමුණු ඉටු කිරීමට අපේක්ෂා කරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.








