අශෝක රන්වලට එරෙහි චෝදනා ගැන පොලිසියෙන් ප්‍රකාශයක්

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ අනුව, අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම හා අන්තරාදායක ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් වන චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

කෙසේ වෙතත්, ඔහු බීමත්ව සිටියා ද යන්න සම්බන්ධයෙන් වන වෛද්‍ය වාර්තාව තවමත් ලැබී නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.