ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල ගමන් ගත් ජීප් රථය සපුගස්කන්ද ප්‍රදේශයේ දී මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුර සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය පවසනවා.
ඒ අනුව, ඊයේ රාත්‍රී 7.45 ට පමණ සපුගස්කන්ද, දෙනිමල්ල ප්‍රදේශයේ දී මෙම අනතුර සිදු වී ඇති බවත්, තුවාල කරුවන් 4 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කළේ.
නීතියට ඉහළින් කිසිවෙකු නොමැති බවත්, සෑම දෙනාටම නීතිය ක්‍රියාත්මක කරන බව ද එසැණ සමඟ අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
අනතුරට ලක් වූ ජීප් රථය, මෝටර් රථය හා යතුරු පැදියක් පොලිස් භාරයට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.








