විපක්ෂයේ භූමිකාව අවංකව ඉටු කරන ඕනෑම පක්ෂයක් සමග සාකච්ඡා කිරීමට සූදානම් බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව පැවසුවේ ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත විපක්ෂයේ රැළිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැවති සාකච්ඡාවකදී.
ඒ සාකච්ඡාව සඳහා ඔහු අද ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණියා.








