බොලිවුඩයේ ‘හී-මෑන්’ (He-Man) ලෙස ආදරයෙන් හැඳින්වූ ප්‍රවීණ නළු ධර්මේන්ද්‍ර මියගොස් තිබෙනවා.
මියයන විට ඔහු 89 වැනි වියේ පසුවූ ඔහු මුම්බායි හිදීයි මියගොස් ඇත්තේ.
අද (11) උදෑසන ඔහුගේ කණ්ඩායම විසිනුයි මෙම පුවත තහවුරු කර ඇත්තේ.
ශ්වසන අපහසුතා හේතුවෙන් මුම්බායි හි බ්‍රීච් කැන්ඩි (Breach Candy) රෝහලට ඇතුළත් කර සිටියදීයි ඔහු මිය ගොස් තිබෙන්නේ.
දශක හයකට අධික කාලයක් පුරා විහිදුණු ඔහුගේ අසමසම රංගන ජීවිතයේ මතකයන් පමණක් ඉතිරි කරමින් ඔහු මෙලෙස සමුගෙන තිබෙනවා.
ඉන්දීය සිනමාවේ ශ්‍රේෂ්ඨතම නළුවන්ගෙන් කෙනෙකු ලෙස සැලකෙන ධර්මේන්ද්‍ර, සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ 1960 දී තිරගත වූ ‘Dil Bhi Tera Hum Bhi Tere’ චිත්‍රපටයෙන්.
ඔහු රංගනයෙන් දායක වූ ‘Yaadon Ki Baarat’, ‘Mera Gaon Mera Desh’, ‘Naukar Biwi Ka’, ‘Phool Aur Patthar’, ‘Betaab’, සහ ‘Ghayal’ ඇතුළු චිත්‍රපට රැසක් සම්මානයට පාත්‍ර වූවා.
2012 වසරේදී, ඉන්දීය රජය විසින් ඔහුට ඉන්දියාවේ තෙවන ඉහළම සිවිල් ගෞරවය වන පද්ම භූෂණ (Padma Bhushan) සම්මානය පිරිනැමුවා.
ඔහු අවසන් වරට තිරයේ පෙනී සිටීමට නියමිත චිත්‍රපටය වන්නේ දෙසැම්බර් 25 දින තිරගත වීමට නියමිත ‘Ikkis’ චිත්‍රපටයයි.
පන්ජාබයේ ලුධියානා ගම්මානයක ධර්මේන්ද්‍ර කේවාල් ක්‍රිෂාන් ඩියෝල් (Dharmendra Kewal Krishan Deol) ලෙස උපත ලැබූ ඔහු, සිනමාවට පිවිසීමට පෙර, එනම් 1954 දී ප්‍රකාශ් කෝර් සමග විවාහ වූවා.
පසුව, ඔහු ප්‍රවීණ නිළි හේමා මාලිනී සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන ඇය සමග විවාහ වූවා.
ඔහුගේ දරුවන් හය දෙනා වන නළු නිළියන් වන සනී ඩියෝල්, බොබී ඩියෝල්, ඊෂා ඩියෝල්, ආහනා ඩියෝල්, අජීතා සහ විජේතා වෙනවා.








