රංග දිසානායකගේ පත් කිරීම ගැන දයාසිරි ජයසේකරගේ වරප්‍රසාද ප්‍රශ්නය ඉවතට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් පත් කිරීම සම්බන්ධයෙන් දයාසිරි ජයසේකර විසින් ඉදිරිපත් කළ වරප්‍රසාද ගැටලුව වරප්‍රසාද කමිටුව වෙත යොමු නොකිරීමට කථානායකවරයා තීරණය කර තිබෙනවා.

අදාළ පත්කිරීමේ තීරණය පාර්ලිමේන්තුව යටතේ සිදු වූවක් නොවන බවත්, එම පත්කිරීම ව්‍යවස්ථාදායක සභාව යටතේ සිදුකළ එකක් බවයි අද (10) කථානායකවරයා සිය තීරණය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර සිටියේ.