කොළඹ විශ්ව විද්‍යාලයේ නම වැරදි ලෙස භාවිත කරමින්, සමාජ මාධ්‍ය ඔස්සේ නොමඟ යවන සුළු ප්‍රචාර ගණනාවක් පැතිර යමින් ඇති බව විශ්ව විද්‍යාලය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
විශ්ව විද්‍යාලයේ පර්යේෂණ සහ සංවර්ධන කටයුතු පිළිබඳ නිවැරදි තොරතුරු මහජනතාව වෙත නිකුත් කරනු ලබන්නේ, විශ්ව විද්‍යාලයේ නිල වෙබ් පිටුව හෝ නිල සමාජ මාධ්‍ය පිටුව ඔස්සේ පමණක් බවයි විශ්ව විද්‍යාලය සඳහන් කරන්නේ.
කොළඹ විශ්ව විද්‍යාලය විසින් ඖෂධීය ශාකසාර සූදානම් කිරීම්වල ඇති ගුණාංග පිළිබඳ පර්යේෂණ ගණනාවක් සිදු කරමින් සිටිය ද, ඒවා මෙතෙක් සායනික පරීක්ෂණ මට්ටමට හෝ ඖෂධ ලියාපදිංචි කිරීමේ අදියරට පැමිණ නොමැති බවද, ඒ හේතුවෙන් මෙම පර්යේෂණ නිෂ්පාදන කිසිවක් දැනට ඖෂධ ලෙස සැලකිය නොහැකි බවද කොළඹ විශ්ව විද්‍යාලය අවධාරණය කරනවා.
ඒ අනුව, සුදුසුකම් ලත් වෛද්‍යවරුන් විසින් නියම කරන ලද ලියාපදිංචි ඖෂධවලට පමණක් අනුගත වන ලෙසයි කොළඹ විශ්ව විද්‍යාලය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.









