ශ්‍රී ලංකා රේගුවේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස රේගු අධ්යක්ෂ චන්දන පුංචිහේවා මහතා පත් කර තිබේ.
හිටපු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුරට පත්වීමෙන් පසුව ඒ මහතා විසින් මෙම පත්වීම ඊයේ (08) සිදු කරනු ලැබීය.
1997 දී සහකාර රේගු අධිකාරීවරයෙකු ලෙස සේවයට බැඳුනු පුංචිහේවා මහතා දැනට තොරතුරු තාක්ෂණ අංශයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කරනු ලබයි.
පේරාදෙණිය සරසවියෙන් විද්‍යාවේදී උපාධියද, කොලඹ විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය කළමණාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද හිමිකර ගෙන ඇති ඒ මහතා ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකි.








